Pages

Tuesday, March 3, 2020

ගුණේ අයියගේ බජව් දාන කාමරේ

ශ්‍රී ලංකා ජන සමාජයේ සැඟවුණු පැතිකඩක තොරතුර, නැටවෙන තනුවකින් ඉදිරිපත් කරන මෙම ගීතයේ වචන බොහොමයක් මට කුඩා කල ගීය ඇසුණු විට නොවැටහිණි. එම වචන අතරින් වැඩිපුරම කුහුල අවදි කල වචනය වුයේ 'බජව්' ය. බජව් යනු කුමක්ද, එය දැමීමට කාමරයක් අවශ්‍ය ඇයි, ගුණේ  අයියාට බජව් වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද වැනි මෙකි නොකී දහසකුත් ප්‍රශ්න අතර අතරමංව සිටියදී අහම්බෙන් මෙන් ගැටළුව විසඳීමට හෝඩුවාවක් ලැබිණි. ඒ වෙනත් ටෙලි නාට්‍යයක් නරඹන අතරතුරය. එය, ගීතයේ කියවෙන වචන වලට සමාන වචන භාවිතා කරන පුද්ගලයෙකු පරවියන් ඇතිකරන දර්ශනයකි.  එක වරම සිත තුල විදුලි බුබුලක් දැල්විණි.

විනෝදයට ඇති කල හැක්කේ පරවියන් පමණද?

එකත් එකටම ගුණේ අයියා වෙනත් සුරතල් සත්ව විශේෂයක් වෙන බජව් ඇති දැඩි කරයි. උන් ගාල් කර තබන කාමරය බජව් දාන කාමරය විය යුතුය. බජව්වකු ලෙස සිතේ මැවුනේ කුඩා ඌරු පැටවු වැනි සතෙකි. එයට මුල් වුයේ විසිතුරු වර්ණ යෙදු ඌරු පැටවකු හැඩය ගත් ගෙදර තිබුණු මුදල් එකතු කළ කැටයකි.