Pages

Wednesday, October 16, 2019

Humpty Dumpty ගෙදර ගේන්


කුඩා කල ළදරු පාසලේදි poems ඉගෙන ගත්තේ ගුරුවරියට සවන් දීමෙනි. ශබ්දය ඇසෙන ලෙස කුමක් හෝ කියමින් එකිනෙකා පරයමින් ළමෝ ගී ගයති. එක් දිනක් ඉගන්වුයේ Humpty Dumpty ට සිදුවු අකරතැබ්බයි. පසු කාලිනව දැනගත් පරිදි ගුරුවරිය ගැයුවේ මෙම පදමාලාවයි.

Humpty Dumpty sat on a wall,
Humpty Dumpty had a great fall.
All the king’s horses and all the king’s men
Couldn’t put Humpty together again.

බිත්තරයක් වූ Humpty Dumpty, තාප්පයක් මත ඉඳගෙන සිටියදී ඉන් ඇද වැටි කැඩී බිඳි ගිය අයුරු මෙහි කියවේ. හානිය කෙතරම්ද යත් රාජපුරුෂයන්ට පවා Humpty Dumpty යථා තත්ත්වයට ගැනීමට බැරි වීලු.  නියම අරුත එසේ වුවද ළදරුපාසලේදි තෙරුම්ගත හැකි වූයෙ together again (එයත් ගෙදර ගේන් ලෙස) පමණි. Humpty Dumpty ට කුමක් හෝ කරදරයක් වී ඇති බවත් ආපසු ගෙදර ගෙන ඒමට බැරි වූ බවත් අනුමානයෙන් තේරුම් ගත හැකි වුයෙන් වැඩිදුර ප්‍රශ්න නොඅසා සෑහීමට පත්වීමි.